සුන්දර උණවටුන මුහුදු තීරයේ චාරිකාවක්.....





ඉතිං යාළුවනේ කොහොමද? මට මාස එක හමාරකින් විතර බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න බැරි උනා.ඒත් මං බ්ලොග් එක පැත්තෙ ඇවිල්ලා ගියා.පහුගිය දවස් වල මම ගොඩක් කාර්ය බහුලව උන්නේ.මොකද කියනවනම් අපේ පළවෙනි සෙමෙස්ටරියේ විභාගෙ (මං කරන්නේ මොනවද කියල මං කිව්වෙ නෑ නේද? මං තොරතුරු හා සන්නිවේදන තාක්ෂන ඩිප්ලෝමා එකක් කරනවා.වැඩි විස්තර පස්සෙ කියන්නං)තිබුනා.ඉතිං වැඩ ගොඩයි.පාඩම් වැඩත් තියෙනවනේ.
              
                        කොහොම උනත් අපි  (ඒ කියන්නේ මම සහ මගේ යාළුවෝ,අපේ සර්,මිස්)පහුගිය දවස් වල අපි උපන් දකුණෙම තියෙන සුන්දර ස්ථානයක් වන උණවටුන මුහුදු තීරයේ චාරිකාවක් ගියා.අපි හොඳට විනෝද උනා.සෙල්ලමි කරා.නෑවා.හරියටම කිව්වොත් හොඳ ෆන් එකක් ගත්තා.ඒක තමයි ඉතින් විශේෂ දෙයක් තියෙන්නේ.ජීවිතේ ඉතිං වෙනදා වගේම කාර්ය බහුලව ගෙවිලා ගියා.
                    
                           ඔය ගොල්ලො බලයි මම උණවටුණෙ ගමන ගැන ඔයාලාට කියන්නෙ මොකද  කියලා.ඇත්තටම  උණවටුන මුහුදු තීරය අපේ ගාල්ලට විතරක් නෙවෙයි මුළු ලංකාවටම කීර්තියක් ගෙන දෙන,සංචාරක කර්මාන්තයෙන් අපට විශාල විදේශ විනිමයක් ගෙන දෙන තැනක්.සමහරවිට ලංකාවේ ඉන්න ඔයාලත් උණවටුනේ ඇවිල්ලා නැතුව ඇති.ඔයාලත් අනිවාරෙන්ම එන්න ඕන තැනක්.ඇවිල්ලම බලන්නකෝ.......
                         

 



Comments

Popular Posts